කලින් ලක්ෂ ගාණක රත්රන් අතුරුදන් වෙලා.. පවුලේ තිදෙනෙකු ගිනිගෙන මියයාම ඝාතනයක් ද?. නැත්නම්..

Nihal Talduwa Sri Lanka Police Sri Lanka Police Investigation Fire Latest Headlines
By krishani Oct 20, 2024 03:28 PM GMT
krishani

krishani

Report

හලාවත - සිංහපුර ප්‍රදේශයේ නිවසක හටගත් ගින්නකින් එකම පවුලේ තිදෙනෙකු මියයාමේ සිදුවීමක් වාර්තා විය.

එය ඝාතනයක් විය හැකි බවට පොලීසිය සැක පළ කරයි.

ඒ සම්බන්ධයෙන් හලාවත මූලස්ථාන පොලීසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඒ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ය.

හලාවත, සිංහපුර ප්‍රදේශයේ දෙමහල් නිවසක ගින්නක් හටගෙන ඇති බවට හලාවත පොලීසියට තොරතුරක් ලැබී තිබුණේ අද (20) අලුයම 6ට පමණ වේ.

ඒ අනුව හලාවත පොලීසිය සහ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් එහි ගොස් ගින්න මැඬපැවැත්වීමට පියවර ගැණින.

එළඹෙන මහ මැතිවරණය ගැන සජිත් ප්‍රේමදාසගෙන් විශේෂ ප්‍රකාශයක් මෙන්න..

එළඹෙන මහ මැතිවරණය ගැන සජිත් ප්‍රේමදාසගෙන් විශේෂ ප්‍රකාශයක් මෙන්න..


අනතුරුව විමර්ශන නිලධාරීන් නිවස තුළ සිදුකළ පරීක්ෂාවේදී තිදෙනෙකුගේ මළසිරුරු සොයාගැනුණි.

එලෙස මියගොස් තිබුණේ වයස අවුරුදු 51ක් වන එස්.ජී. සේනාරත්න නම් නිවෙස් හිමියා, 44 හැවිරිදි මංජුලා නිරෝෂනී නම් ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ 15 හැවිරිදි දියණිය වන නෙත්මි නිමේෂා යන නිවැසියන් බවට හඳුනාගනු ලැබීය.

මවගේ මළ සිරුර නිවසේ පහත මාලයේ නිදන කාමරයේ ඇඳ මත තිබී සොයා ගැණින.

පොලීසිය සඳහන් කළේ ඇගේ ගෙල කපා දමා තිබූ බව ය.

පියා සහ දියණියගේ මළ සිරුරු හමුවී තිබුණේ නිවසේ සාලයේ තිබියදීය.

මියගිය කාන්තාව හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියක් වන අතර ප්‍රදේශයේ දහම් පාසලේ ගුරුවරියක ලෙසද කටයුතු කර ඇත.

පැය 24ක් තුළ දෙපාරක්ම විදුලිය බිඳ වැටිලා.. අත්‍යවශ්‍ය නොවන රජයේ ආයතන සහ පාසල් පවා වසා දාලා..

පැය 24ක් තුළ දෙපාරක්ම විදුලිය බිඳ වැටිලා.. අත්‍යවශ්‍ය නොවන රජයේ ආයතන සහ පාසල් පවා වසා දාලා..


ඇගේ සැමියා ඉඩම් හා රථවාහන ව්‍යාපාරයක නිරතව සිටි අයෙක් වන අතර හලාවත ආනන්ද ජාතික පාසලේ ඉගෙනුම ලැබු ඔවුන්ගේ දියණිය ලබන වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිට තිබෙනවා.

මීට මසකට පමණ පෙරද මෙම නිවසේ තිබූ ලක්ෂ 25ක පමණ රන් ආභරණ අතුරුදහන්ව තිබූ බවට තොරතුරු වාර්තා වීය.

නිවසට කිසිවෙකු හෝ පිටතින් ඇතුළු නොවී තිබියදී එලෙස රන් භාණ්ඩ අතුරුදන් වීම මේ දක්වා නොවිසඳුණු අබිරහසක් ය.

කෙසේ වෙතත්, අද දහවල් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව මළ සිරුරු හලාවත මූලික රෝහල වෙත රැගෙන යනු ලැබී ය.