ජනේලයෙන් එබී තැබූ වෙඩි පහරේ ඉලක්කය වැරදීමෙන් තිදරු පියාගේ දිවි බේරේ..

By Piyumika Aug 04, 2024 05:06 AM GMT
Report

සෙවනගල ප්‍රදේශයේ නිවසක නිදා සිටි පුද්ගලයෙකුට අද (04) අලුයම තුනට පමණ නිවසේ ජනේලයක් විවෘත කර වෙඩි තබා ඇතැයි සෙවනගල පොලිස් වසමෙන් වාර්තා විය.

මෙසේ වෙඩි පහරට ලක්ව තුවාල ලබා ඇත්තේ කිරිඉබ්බන්ආර ආයුර්වේද රෝහල අසල පදිංචි 39 හැවිරිදි තිදරු පියෙකි.

බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදු වූ බිහිසුණු අනතුර..

බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදු වූ බිහිසුණු අනතුර..

ඔහු පවුල් ආරවුලක් හේතුවෙන් ටික දිනක සිට නිවසේ නොසිට නිවසට මද දුරක් පිහිටි වෙනත් අයකුට අයත් නිවසක රාත්‍රී කාලය තනිව ගත කර ඇත.

ඊයේ (03) රාත්‍රී ආහාර ගැනීමෙන් පසු නිවසේ ජනේලයක් විවෘත කර නිදාසිටියදී අද (04) අලුයම විවෘත කර තිබූ ජනේලයෙන් මෙලෙස වෙඩි තබා ඇත. වෙඩි තැබීමෙන් ඔහුගේ අතෙහි කිහිල්ල ප්‍රදේශයට බරපතල ලෙස හානි සිදුව ඇත.

කටකතාවක් නිසා වසර දහතුනකට පසු බ්‍රිතාන්‍යයේ දරුණුතම තත්ත්වයක් ..(VIDEO/PHOTO)

කටකතාවක් නිසා වසර දහතුනකට පසු බ්‍රිතාන්‍යයේ දරුණුතම තත්ත්වයක් ..(VIDEO/PHOTO)

පොලිසිය කියා සිටියේ ඔහු ඝාතනය කිරීමට සිතා වෙඩි තැබීම සිදු කලද වෙඩික්කරුට ඉලක්කය වැරදීම හේතුවෙන් ඝාතනය වැරදී ඇති බවයි .

වෙඩි වැදීමෙන් තුවාල ලැබු ඔහු ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.