ඔයත් දළඳා ප්‍රදර්ශනය වෙනුවෙන් ඔන්ලයින් සල්ලි දැම්මද? එහෙනම් මේක අනිවාරෙන්ම බලන්න.

Sri Lanka Police Kandy Social Media
By Zara Mar 23, 2025 05:00 PM GMT
Zara

Zara

Report

එළඹෙන අප්‍රේල් 18 සිට 27 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති විශේෂ ශ්‍රී දළදා ප්‍රදර්ශනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ව්‍යාජ දැන්වීමක් සම්බන්ධයෙන් ශ්‍රී දළදා මලිගාවේ නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මහජනතාව වෙත දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

අදාළ ව්‍යාජ දැන්වීම උපුටා දක්වමින් එම සටහනෙන් දැනුම් දී ඇත්තේ WhatsApp මාධ්‍ය ඔස්සේ මෙම ව්‍යාජ දැන්වීම් පත්‍රය එකිනෙකා අතර හුවමාරු වීමට සලස්වා ඇති බවයි.

එම ව්‍යාජ දැන්වීම් පත්‍රයේ සඳහන් වී ඇත්තේ ශ්‍රී දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් කැමති අයෙකුට ආධාර ලබාදිය හැකි බවත් මුදල් ආධාර ලබාදෙන පිරිසට බැංකු ගිණුමක තොරතුරු සඳහන් කරමින් එයට මුදල් බැරකර හැකි බවයි.

මෙම දැන්වීම සම්පූර්ණයෙන් ව්‍යාජ එකක් බවත් ‘සිරි දළදා වන්දනාව’ වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් ශ්‍රී දළදා මාලිගාව හා රජය විසින් සපයනු ලබන බව ශ්‍රී දළදා මලිගාවේ නිල ෆේස්බුක් පිටුවෙන් දැනුම් දී තිබෙනවා.

එමෙන්ම ශ්‍රී දළදා මාලිගාව විසින් කිසිදු පුද්ගලයෙකුට, සමූහයකට, සංවිධානයකට හෝ වෙනත් කවර ආකාරයකට හෝ අරමුදල් රැස් කිරීමට මෙන්ම වෙනත් කිසිදු සංවිධාන කටයුත්තක් පවරා නොමැති බව ශ්‍රී දළදා මාලිගාව වැඩිදුරටත් මහජනතාව වෙත දැනුම් දෙනවා.

එළඹෙන අප්‍රේල් 18 සිට 27 දක්වා ශ්‍රී දළදා ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතයි.

ලංකාවේ ප්‍රථම වතාවට රජයේ රෝහලකට ලැබුණු වටිනාම දෙයක් - කිරි සිහිනයක් වෙනුවෙන් සිහින දකින කෙනෙක්නම් අනිවාරෙන්ම බලන්න.

ලංකාවේ ප්‍රථම වතාවට රජයේ රෝහලකට ලැබුණු වටිනාම දෙයක් - කිරි සිහිනයක් වෙනුවෙන් සිහින දකින කෙනෙක්නම් අනිවාරෙන්ම බලන්න.

සා/පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රය ගැන සමාජ මාධ්‍ය තුල සංසරණය වන පුවත ඇත්තක්ද?බොරුවක්ද?

සා/පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රය ගැන සමාජ මාධ්‍ය තුල සංසරණය වන පුවත ඇත්තක්ද?බොරුවක්ද?

ReeCha