නීතිවිරෝධී රන් ආකරයේ මාරාන්තික ඛේදවාචකය ..(VIDEO/PHOTO)
By Piyumika
ඉන්දුනීසියාවේ සුලවේසී දූපතේ රත්‍රන් පතලක් නාය යෑමෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබේ . සිද්ධියෙන් පුද්ගලයින් 48 දෙනෙකු අතුරුදන් ඇති බවයි විදෙස් වාර්තා සදහන් කර ඇත්තේ.
පුද්ගලයන් 44 දෙනෙකු නායයෑමෙන් බේරීමට සමත් වූ බවත්, ඔවුන්ගෙන් සමහරක් තුවාල ලැබූ හය දෙනෙකු ඇතුළුව බේරාගත් අය විසින් පණපිටින් ගොඩ ගත් බවත්, කාන්තාවන් තිදෙනෙකු සහ අවුරුදු 4 ක පිරිමි ළමයෙකු ඇතුළු මළ සිරුරු 12 ක් ගොඩගත් බවත් සදහන් වන අතර තවත් 48 දෙනෙකු පමණ අතුරුදන්ව සිටින බවද වාර්තා වේ .
පැවති අධික වර්ෂාවත් සමඟ මෙම නායයෑම සිදුව තිබෙන අතර මෙලෙස නාය යාමට ලක්ව ඇත්තේ නීතී විරෝධී රන් ආකරයකි.