කළු වෑන් එකකින් ඇවිත් පාසල් දැරියක් පැහැරගෙන.. කප්පම් ඉල්ලපු කෙනා ඇහුවට පස්සෙ හීන් දාඩිය දාලා තියෙන්නෙ..(VIDEO)

Report

ගම්පොළ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ 19 හැවිරිදි දැරියක් පැහැරගෙන යෑමේ සිද්ධියක් වාර්තා වෙනවා.

ඒ සම්බන්ධයෙන් දවුලගල හා ගම්පොළ පොලිස් ස්ථාන මගින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ඊයේ (11) පෙරවරුවේ දී කළු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් මෙම පැහැර ගැනීම සිදුකර ඇත්තේ.

ඒ අදාළ දැරිය උසස් පෙළ පෞද්ගලික පංතියකට සහභාගි වීම සඳහා යෙහෙළියක සමග දවුලගල නගරයට යමින් සිටිය දී ය.

අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප රු.20,000කින් ඉහළට?. ඒ අස්සේ නොහිතපු රතු එළියක් දල්වයි..

අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප රු.20,000කින් ඉහළට?. ඒ අස්සේ නොහිතපු රතු එළියක් දල්වයි..

ලංකාවට ගේන අලුත් වාහනවලට.. රජය බද්ද ගහන්නේ මෙහෙම.. බද්ද එක්ක මිල?. ගන්න මග බලන් හිටිය අයට ඔන්න..

ලංකාවට ගේන අලුත් වාහනවලට.. රජය බද්ද ගහන්නේ මෙහෙම.. බද්ද එක්ක මිල?. ගන්න මග බලන් හිටිය අයට ඔන්න..

ඒ අනුව සිසුවිය පැහැරගෙන ගොස් රඳවාගෙන සිටින පුද්ගලයා පළමුව රුපියල් ලක්ෂ 50ක කප්පම් මුදලක් ඉල්ලා ඇති බව සදහන් වේ.

නමුත් එම පුද්ගලයා පසුව එය ලක්ෂ 30 දක්වා අඩුකර ඇති බව වාර්තා වේ.

මෙම පැහැර ගැනීම සිදුකළ පුද්ගලයා සිසුවියගේ මස්සිනා බවට තොරතුරු අනාවරණය වී ඇත.

ඒ CCTV කැමරාවල දර්ශන අනුව ය.

එහිදී වෑන් රථයෙන් බසින ඇගේ ඥාති සහෝදරයා බලහත්කාරයෙන් ඇයව වෑන් රථයට නන්වා ගන්නා අයුරු සටහන් වෙයි.

මෙම වෑන් රථය පොලීසිය විසින් ඊයේ පස්වරුවේ දී පොළොන්නරුව නගරය ආසන්නයේ අතහැර දමාගොස් තිබියදී සොයා ගෙන ඇත.

මෙම සිසුවිය සැකකරුගේ මවගේ සහෝදරයාගේ දියණිය බව සදහන් වේ.

එමෙන්ම, සැකකරු ඇයව විවාහ කර ගැනීමේ අපේක්ෂාවෙන් සිට ඇති බව අණාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත්, එම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

CCTV දර්ශන පහතින්,