ප්‍රසන්න රණවීරට අධිකරණයෙන් ලැබුණු තීන්දුව

Report

අභියාචනාධිකරණය විසින් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කර තිබෙනවා.

ඒ අනුව හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා විසින් කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි රජයේ ඉඩමක් අයුතු ලෙස අත්පත් කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ඉදිරිපත් කළ රිට් පෙත්සමයි මෙලෙස නිෂ්ප්‍රභා වී තිබෙන්නේ.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයකු වන මර්වින් සිල්වා මහතා ඇතුළු පිරිසක් මේ වන විට මහර මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී. 

සවස්වරුවේ අකුණු ගැන අවදානයෙන් ඉන්න

සවස්වරුවේ අකුණු ගැන අවදානයෙන් ඉන්න