බලපෑම් එල්ල කිරීමේ චෝදනාවකට ලොව ධනවත්ම පුද්ගලයාට අධිකරන නියෝගයක්..
By Piyumika
ටෙස්ලා සහ X සමාජ මාධ්‍ය හිමිකාරීත්වය දරන බිලියනපති ව්‍යාපාරික එලොන් මස්ක් වෙත ෆිලඩෙල්ෆියා අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස නියෝග කර තිබෙනවා.
ඒ අමෙරිකානු ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයින් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියනයක මුදලක් ලබාදෙන නීතිවිරෝධී ලොතරැයිය හරහා ඡන්ද දායකයින්ට බලපෑම් එල්ල කිරීමේ චෝදනාව මතයි.
මස්ක් විසින් මෙම ත්‍යාග මුදල ලබාදෙන්නේ මාර්ගගත ක්‍රමය හරහා භාෂණයේ නිදහස සහ අවි ආයුධ අයිතිවාසිකම් වෙනුවෙන් වන පෙත්සම සඳහා අත්සන් තබනු ලබන ලියාපදිංචි ඡන්ද දායකයින් වෙනුවෙන්.