බෝ වන රෝගයක් උඩු දුවයි. - වව්නියාව බන්ධනාගාරය වැසේ.
By Wayomi
වව්නියාව බන්ධනාගාරය සති දෙකක කාලයකට වසාදමා තිබෙනවා.
ඒ, බෝවන රෝගයක් හේතුවෙන්.
මේ අනුව වව්නියාව බන්ධනාගාරයේ රැඳවියන් බැලීමට ඥාතීන්ට බන්ධනාගාරයට පැමිණීමට නොහැකි අතර රැඳවියන් නඩු කටයුතු සඳහා පිටතට රැගෙන යාම ද තාවකාලිකව නතර කර ඇති බවයි වාර්තා වන්නේ.
සරම්ප රෝග තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාරය එලෙස වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.
බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ, බන්ධනාගාරය තුළ පවතින ඉඩකඩ සීමිත වීම හේතුවෙන් රෝග ව්‍යාප්තිය සීඝ්‍රයෙන් සිදුවන බවයි.
කෙසේවෙතත් වව්නියාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ සෞඛ්‍ය බලධාරීන් බන්ධනාගාර රැඳවියන්ට සහ නිලධාරීන්ට ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
වාර්තා වන පරිදි වව්නියාව බන්ධනාගාරය තුළ රැඳවියන් 400කට අධික ප්‍රමාණයක් රඳවා සිටින අතර නිලධාරීන් 85 දෙනෙකු පමණ සේවය කරනු ලබනවා.