වීථි සුනඛයින් නිසා දෙපාර්ශ්වයක ගැටුමක්...වෙඩි තැබීමකුත් ...

By Piyumika Feb 09, 2025 02:03 AM GMT
Report

පන්නල පල්ලව කර්මාන්තපුරය ප්‍රදේශයේ දී දෙපාර්ශවයක් අතර ඇතිවු ගැටුමකින් කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

පොලිසිය පැවසුවේ ඊයේ (08) රාත්‍රී 8ට පමණ කුකුළු ව්‍යාපාරයේ නිරත පුද්ගලයින් පිරිසක් සහ වීථි සුනඛයින්ට ආහාර ලබාදෙන පුද්ගලයින් කිහිප දෙනෙකු අතර මෙම ගැටුම සිදුව ඇති බවය.

පියාසර කරමින් තිබියදී අතුරුදන් වූ මගී ගුවන්යානය හමුවෙයි...

පියාසර කරමින් තිබියදී අතුරුදන් වූ මගී ගුවන්යානය හමුවෙයි...

ගොවිපළේ කුකුලන් කිහිප දෙනෙකු වීථි සුනඛයින් විසින් මරා දැමූ බවට චෝදනා කරමින් දෙපාර්ශවය අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම හටගෙන ඇත.

එහිදී නිවසේ කාන්තාවකට තියුණු ආයුධයිකින් පහරදීමක් සිදුකර ඇති අතර ඉන් තවත් පිරිමි පුද්ගලයෙකු ද තුවාල ලබා ඇති බවද පොලීසිය පැවසුවේය.

පාස්පෝට් ගැටලුව මාස දෙකක් ඇතුළත සාමාන්‍ය තත්ත්වයට..? පැය 24 පුරා පාස්පෝට් නිකුත්කිරීම ළගදීම ...

පාස්පෝට් ගැටලුව මාස දෙකක් ඇතුළත සාමාන්‍ය තත්ත්වයට..? පැය 24 පුරා පාස්පෝට් නිකුත්කිරීම ළගදීම ...

ඔවුන් ප්‍රතිකාර සදහා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර තුවාල ලබා ඇත්තේ 46 හැවිරිදි කාන්තාවක් සහ 30 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු බව සදහන් වේ.

අදාළ පහරදීම සිදුවන අවස්ථාවේදි වෙඩිතැබීමක්ද සිදුව ඇති බව තුවාලකරුවන් විසින් පොලිසිය හමුවේ පවසා ඇත. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 6 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවද පොලිසිය පවසයි.

You may like this video