අගුළු දැමූ දරුවෙක්ගේ ඇටසැකිල්ලක් සොහොනකින් හමු වෙලා - ඒ ගැන අණාවරනය වුණ සියවස් ගාණක ඇඟ කිලිපොලා යන සිදුවීම.. (PHOTOS)

Poland Death
By krishani Nov 01, 2023 05:53 PM GMT
krishani

krishani

Report

පෝලන්තයේ සොහොනක 17වන සියවසේ ළමයෙකුගේ දේහයක් හමු වී තිබෙනවා.

එහි විශේෂිතවය වන්නේ එම දේහය අගුළු දමා තිබීමයි.

මළවුන්ගෙන් නැගිටීම වැලැක්වීමට මෙලෙස අගුළු දමා ඇති බව සැලකෙන අතර එය අවුරුදු හයේ සිට හත දක්වා වයසැති දරුවෙකු විය හැකිය.

පාදයට යටින් ත්‍රිකෝණාකාර යකඩ අගුලක් සමඟ මුහුණට මුහුණ වළලා තිබූ සිරුරක් සොයා ගන්නා ලද වන අතර මෙය පෝලන්තයේ උතුරු පියන් ගම්මානයෙන් සොයා ගෙන තිබෙනවා.

සිරුර වැම්පයර්වරුන් පිළිබඳ පුරාණ අද්භූත විශ්වාසයන් නිසා මුහුණට මුහුණ වළලා සොහොනට අගුළු දමා ඇති බව විශ්වාස කරයි.

මෙහි කාන්තාවකගේ බෙල්ලේ දෑකැත්තක් සහ පාදයේ ත්‍රිකෝණාකාර අගුලක් තිබී ඇති අතර තියුණු ලෝහ තලයක් ස්ථානගත කිරීම ඇය මළවුන්ගෙන් නැගිටීම වැලක්වීමට විය හැකිය.

නමුත් මෙය ප්‍රතික්ෂේප කරන ලද පුද්ගලයින් සඳහා වන සුසාන භූමියක් වන බවත් මෙම ස්ථානයේ  භූමිදානය කල මළ සිරුරු බලවේග, වෙනස් ලෙස හැසිරුණු මිනිසුන් වැන්නවුන්  භූමිදානය සදහා යොදාගත් ආකාරයක ලක්ෂණ පවතින බවත් Torun හි Nicolas Copernicus විශ්ව විද්‍යාලයේ මධ්‍යතන යුගයේ භූමදානය පිළිබඳ පර්යේෂකයෙකු වන මහාචාර්ය Dariusz Polinski සඳහන් කළේ ය.

එමෙන්ම ජීවත්ව සිටින මිනිසුන්ට ආහාර ලබා දීම සඳහා දරුවා වාඩි වී මිනීවළෙන් පිටවීම වළක්වා ගැනීම සඳහා මුහුණ යට වළලන්නට ඇතැයි ඔහු පැවසීය.

තව ද මෙය සිතාමතාම කල දෙයක් නම් ඔවුන් සමඟ සම්බන්ධ වීමට බිය වූ අය, ඔවුන් සපා කෑමට, ලේ පානය කිරීමට ඉඩ ඇති නිසා,එසේ සිදු කරන්නට ඇති බව ඔහු සඳහන් කළේ ය.

මෙහි භූමදානය කිරීමෙන් පසු යම් අවස්ථාවක දී, සොහොන අපවිත්‍ර කර තිබෙනවා.

එමෙන්ම, වැඩිදුරටත් අදහස් දක්වමින් මහාචාර්යවරයා කියා සිටියේ මෙය භූමදානය කිරීමෙන් පසු ජීවමාන මළවුන් නැගිටීම නැවැත්වීම සඳහා සිදු කෙරුවක් බවයි.

GalleryGalleryGalleryGalleryGallery
ReeCha