වසර හතරකට පසු වෙනස්වන ඇසළ පෙරහැර.

By Wayomi Aug 11, 2023 05:41 AM GMT
Report

මෙවර ඓතිහාසික ඇසළ මහා පෙරහැර මංගල්‍ය අලි ඇතුන් විශාල සංඛ්‍යාවගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, ඊයේ (10) මහනුවරදී පැවති මාධ්‍ය හමුවකදීයි.

කොරෝනා වසංගතයෙන් වසර 4කට පසුවයි මෙලෙස අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් පෙරහැර සඳහා එක් වන්නේ.

එලෙස මාලිගාවේ ඇත් පන්තියේ ඉන්දිරාජ,බුරුමරජා,කතරගම වාසනා,කැළණි රජමහ විහාරයේ හස්තියා,මියන්රාජා ඇතුළු 06දෙනෙකු සධාතුක පෙරහැර කරඬුව වැඩම කරවීමට සුදුසුකම් ලබන බවයි දියවඩන නිළමේවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

පෙරහැර 17 වනදා කප් සිටුවීමෙන් ආරම්භ කරන අතර, අවසන් රන්දෝලි පෙරහැර 30වනදා වීථි සංචාරය කරනු ඇති.

පසුව 31වනදා දිය කැපීමෙන් අනතුරුව දහවල් පෙරහැර පැවැත්වීමෙන් පසු ජනාධිපතිවරයාට පෙරහැර සංදේශ භාර දීමෙන් පෙරහැර කටයුතු අවසන් කරනු ලබයි..