එහෙම නම් මම දේශපාලනයෙන් සමුගන්නවා..මෙවර මහ මැතිවරණයෙන් පවා ඉල්ලා අස්වෙනවා..මොකක්ද මේ රෝහිත කියන කතාව..(VIDEO)

Sri Lanka Police Kandy Rohitha Abeygunawardana Sri Lanka
By Piyumika Oct 21, 2024 04:38 PM GMT
Piyumika

Piyumika

Report

මාධ්‍ය මගින් පළකරන මහනුවර ප්‍රදේශයේ නිවසක සඟවා තිබී හමුවූ බව කියන සැප වාහන දෙකක් පිළිබඳව මාගේ සම්බන්ධයක් ඇති බවට ඔප්පු කළ හොත් දේශපාලනයෙන් සමුගන්නා බව හිටපු වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය .

හිටපු අමාත්‍ය වරයා මේ බව සදහන් කළේ අද පස්වරුවේ කළුතර දී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

සමාජයේ දැඩි කතා බහක් ඇති කල මහින්දගේ වාහන වලට කරපු දේ..

සමාජයේ දැඩි කතා බහක් ඇති කල මහින්දගේ වාහන වලට කරපු දේ..

මහනුවර ප්‍රදේශයේ නිවසක රුපියල් කෝටි හයක් පමණ වටිනාකමකින් යුත් බී. එම්. ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් සහ පෙජරෝ වර්ගයේ ජීප් රථයක් සඟවා තිබී මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගත්බවට මාධ්‍ය මගින් වාර්තා කර තිබුණි .

වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය වරයා මෙසේ පැවසීය .

දැන් ඉතින් ඉතාලි යන්න වෙන්නෙත් බෝට්ටුවෙන් තමා..

දැන් ඉතින් ඉතාලි යන්න වෙන්නෙත් බෝට්ටුවෙන් තමා..

"මුලින්ම කිව්වා එම වාහන සම්බන්ධයෙන් මගේ බෑනා කෙනෙක් සම්බන්ධයි කියලා. පසුව කියනවා බෑනාගේ අය්යා කෙනෙක්ලු. මගේ මේ වාහන පිළිබඳ කිසිම සම්බන්ධයක් නෑ. එහෙම සම්බන්ධයක් තියෙනවා කියලා ඔප්පු කළොත් මම දේශපාලනයෙන් සමුගන්නවා.

එපමණක් නොවෙයි මෙවර මහ මැතිවරණයෙන් පවා ඉල්ලා අස්වෙනවා. මම දේශපාලනයට ආවේ වංචා කරන්න හෝ සොරකම් කරන්න නොවෙයි. නොකළ දේවල්වලට චෝදනා එල්ල කරනවා. මෙහි ඇත්ත සොයන්න කියා ඉල්ලා සිටිනවා.

පැහැදිලිව කියන්නේ දේශපාලන මඩ ගහන්න මේවා භාවිතා කරන්න එපා. මේ කියන වාහනෙවලට මම හෝ බෑනාගේ සම්බන්ධයක් නෑ. වෙන කවුරුන් හෝ වරදක් කළොත් මම පලිද .මගේ ගෙදරත් ලියාපදිංචි කළ වාහන තියෙනවා. මේ සියල්ල ලියාපදිංචි කළ වාහන.

[SMPHYGO ]

වෙන කෙනෙක් කළ වරදකට මම වගකියන්න ඕනද . මම වරදක් කර ඇත්නම් ඔප්පු කරන්න කියලා අභියෝග කරනවා. මේ වනවිට මැතිවරණයක් ක්‍රියාත්මක වෙනවා සෙසු පක්ෂවලට මේ පුවත් ලොකු වාසියක් වෙනවා. මේ මැතිවරණයේදී තියෙන්නේ මනාප තරගයක්. සමහර මාධ්‍ය නඩු අහල තීන්දුත් දෙනවා.

මම වරාය අමාත්‍ය තණතුරෙන් අස්වුනේ අවුරුදු දෙකකට කලින්. මහින්ද මහත්තයා එක්ක මමත් ඉවත් වෙනවා. අද වනතුරු චෝදනාවක් නෑ. මම සියලු දේවල් සිදුකර ඇත්තේ නීත්‍යානුකූලව."