වසර දහතුනකට පසු දැරියකට යුක්තියෙන් යුක්තිය..

Report

වසර 13 කට පෙර කිළිනොච්චියේ පාසල් දැරියකට ලිංගික අතවර කළ පුද්ගලයෙකුට කිළිනොච්චිය මහාධිකරණ විනිසුරු ඒ.එම්.ඒ සහාබ්අන් විසින් වසර 13ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් අද (31) නියම නියම කර ඇත.

පොල් වගාව පිළිබඳව ඔබ කනස්සල්ලෙන්ද?..ඔබේ ගැටලු සියල්ලටම විසදුම් මෙතනින්..

පොල් වගාව පිළිබඳව ඔබ කනස්සල්ලෙන්ද?..ඔබේ ගැටලු සියල්ලටම විසදුම් මෙතනින්..

2011 ජුනි මස 23 වෙනිදා පාසලට යමින් සිටි එවකට මෙම දාහතර හැවිරිදි දැරියව පාලු නිවසකට රැගෙන ගොස් සැකකරු දූෂණය කර තිබේ . මේ බව කාහට හෝ පැවසුවහොත් ඇයව මරණ බවට තර්ජනය කර දැරිය බිය ගන්වා ඊට පසුවද වාර ගණනාවක්ම මෙම සැකකරු ඇයව දූෂණය කර ඇති බව සඳහන් වේ.

ඇය මේ ගැන සිය පන්තිභාර ගුරුවරියට ප්‍රකාශ කිරීමෙන් පසුව ඇය කිලිනොච්චිය පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරිනියකට පැමිණිලි කිරීමෙන් පසුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට ඇත.

සැකකරුවන්ගේ පෙර වැරදි සඟවන්න අල්ලස් ඉල්ලපු කොස්තාපල්ට වැඩ වරදී..

සැකකරුවන්ගේ පෙර වැරදි සඟවන්න අල්ලස් ඉල්ලපු කොස්තාපල්ට වැඩ වරදී..

වසර එකහමාරක කාලයක් බන්ධනාගාරගතව සිටි මෙම සැකකරු ඇප මත නිදහස ලබා නිවසට පැමිණීමෙන් පසුව අදාළ නඩුව කිළිනොච්චිය මහාධිකරණයේදී විභාගවන අතරවාරයේ දී ඔහු පළාතෙන් පැනගොස් තිබේ .

පසුව සැකකරු නොමැතිව මෙම නඩුව විභාග වූ අතර, දඩුවම් නියම කිරීමට එවකට කිළිනොච්චිය මහාධිකරණයේ සිටි විනිසුරුවරයා පසුවට කල් තබා තිබුණි .

තරුණ මන්ත්‍රීවරයකුගෙන් ජනපති රනිල්ට අමුතු ඉල්ලීමක් ..

තරුණ මන්ත්‍රීවරයකුගෙන් ජනපති රනිල්ට අමුතු ඉල්ලීමක් ..

පොලීසිය අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා යුක්තිය මෙහෙයුම යටතේ සිදු කළ මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට පත් වී ඇති අතර, පසුව ඔහු මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කිළිනොච්චිය පොලීසිය පියවර ගෙන ඇත.

ඒ අනුව, එහිදී සැකකරුට කිළිනොච්චිය මහාධිකරණ විනිසුරු ඒ.එම්.ඒ සහාබ්දින් මෙම දඩුවම නියම කර ඇත .