ධීවර කටයුතු වලට මුහුදු යන ඔයා පරිස්සමින් .. ලංකාව අවටත් දැන් මුහුදු කොල්ල කරුවෝ ..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Latest Headlines
By Piyumika Sep 08, 2024 04:34 AM GMT
Piyumika

Piyumika

Report

ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදු කරමින් සිටියදී තවත් බෝට්ටු දෙකකින් පැමිණි අට දෙනෙකු එම බෝට්ටුවේ එන්ජිම ඇතුළු ලක්ෂ දහඅටක දේපළ කොල්ලකා පලා ගොස් ඇතැයි කළුවාන්චි කුඩි පොලිසිය කියයි.

ප්‍රංශය පුරා ලක්ෂයකට අධික ජනතාවක් වීථි බැස්ස හේතුව මෙන්න..(VIDEO/PHOTO)

ප්‍රංශය පුරා ලක්ෂයකට අධික ජනතාවක් වීථි බැස්ස හේතුව මෙන්න..(VIDEO/PHOTO)

සැකකරුවන් බෝට්ටු දෙකකින් පැමිණ වීදුරු බෝතල්, ගල් වලින් සහ යකඩ බට වලින් පහරදී පැමිණිලිකරුවන්ගේ බෝට්ටුවට ගොඩ වී ඇති බව පොලිසිය කියයි.

වටිනා බිස්කට් වර්ගයක් එක්ක මාට්ටු වුණු ඉන්දීය ජාතිකයා ..

වටිනා බිස්කට් වර්ගයක් එක්ක මාට්ටු වුණු ඉන්දීය ජාතිකයා ..

පසුව පැමිණිලිකරුවන්ගේ බෝට්ටුවේ තිබූ එන්ජිමක්, මාළු දැල් කොටස් දහයක්, gps උපකරණයක්, බැටරියක්, බෝට්ටු එන්ජින් ෆෑන් එකක්, විදුලි පන්දම් තුනක් සහ භූම් තෙල් ලීටර් අසූවක් කොල්ලකා ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.

සැකකරුවන් හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරන බව පොලිසිය පවසයි.