රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගන්නා අයටත් බිල්පතක්.
Sri Lanka
Government Of Sri Lanka
Dr. Asela Gunawardana
Hospitals in Sri Lanka
Prasanna Ranaweera
By Wayomi
රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගන්නා රෝගීන් සඳහා වැයවන වියදම සඳහන් බිල් පතක් නිකුත් කිරීමට රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යෝජනා කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත එම යෝජනාවට යහපත් ප්‍රතිචාර දක්වා ඇති බවයි වාර්තා වන්නේ.
රාජ්‍ය අමාත්‍යරයා මෙම යෝජනාව සිදුකර ඇත්තේ පාර්ලිමේන්තුවේ දී පැවති රාජ්‍ය ගිණුම්කාරක සභාවේදීයි.
එමෙන්ම එහිදී අදහස් පළ කර ඇති සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන පවසා ඇත්තේ ප්‍රතිපත්තියක් ලෙස රජය තීරණය කරනවා නම් එය ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ඇති බවයි.
ප්‍රසන්න රණවීර වැඩිදුරටත් කියා සිටියේ, රෝගීන් සඳහා විශාල මුදලක් රජය වැය කරන බවින් ගෙවීම කෙසේ වෙතත් ඒ සඳහා වන වියදම සඳහන් බිල් පතක් ලබාදිය යුතු බවත් හැකියාවක් ඇති අය එය ගෙවුනු ඇති බවත්ය.