ඊයේ පත් කරපු අතුරු කමිටුවට තහනමක්.

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ඊයේ (06) ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් අතුරු කමිටුවක් පත් කරනු ලැබුවා.

අර්ජුණ රණතුංගගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවට සාමාජිකයන් හතක් ඇතුළත් .

අමාත්‍යවරයා පත් කළ එම අතුරු කමිටුව සහ එම ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඉදිරිපත් කල පෙත්සම සලකා බලා එම නියෝගය නිකුත් කර තිබෙනවා. 

එම කමිටුවේ කටයුතු දින 14කට අත්හිටුවා තිබෙනවා.