රතු තොල් සායම් වලට අලුත් තහනමක්.

By Wayomi May 13, 2024 09:46 AM GMT
Report

කාන්තාවන්ට රතු තොල් සායම් තහනම් කිරීමට උතුරු කොරියා නායක කිම් ජොන් උන් එරට තීරණය කර තිබෙනවා.

රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය නීති පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

රතු තොල් අලේපන ආකර්ශණය පෙන්නුම් කිරීමක් බැවින්, එය මෙසේ තහනම් කිරීමට නායක කිම් ජොන් උන් පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

එලෙස මෙම නීති උල්ලංඝනය කරන කාන්තාවන්ට දැඩි දඬුවම් ලබාදීමට ද උතුරු කොරියානු නායකයා තීරණය කර ඇත.