මඩකලපුව - කොළඹ ප්‍රධාන දුම්රිය මාර්ගයේ මින්නේරිය සහ ගල්ඔය අතරදී මඩකලපුව කොළඹ මීනගයා දුම්රියේ ගැටී බරපතල තුවාල ලබා සිටි ඉතිරි වන අලි පැටවාද මියගොස් තිබෙනවා.
පසුගිය 19 වැනිදා රාත්‍රියේ 11.20ට පමණ මීනගයා දුම්රියේ 07 දෙනෙකුගෙන් යුත් වන අලි රංචුවක් ගැටී තිබුණා.
අනතුරින් මියගිය වන අලි ගණන 7ක් වන අතර, ඒ අතර පැටවුන් තුන්දෙනෙකුද සිටිනවා. මීට පෙරද අවස්ථා කිහිපයකදීම මීනගයා දුම්රියේ වන අලි ගැටීමේ සිද්ධි වාර්තා වුණා