ඉදිරියේදී දින 26ක රජයේ නිවාඩුවක්.... ගැසට්ටුවකින් දැනුම් දෙයි
2026 වර්ෂය සඳහා රජයේ සහ බැංකු නිවාඩු ලැයිස්තුව රජය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ, 2025 මැයි 27 වන අඟහරුවාදා නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින්. 1971 අංක 29 දරන නිවාඩු පනතේ 04 වන වගන්තිය යටතේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ. එච්.එම්.එච්. අබයරත්න විසින් නිකුත් කර තිබෙනවා.
2026 සඳහා අදාළ වන සියලුම නිවාඩු දින මෙම ගැසට් පත්‍රයේ දක්වා තිබෙනවා.
