ලංකාවට ආපු 9 වෙනි ගල් අඟුරු නැවත් බාලයි සජිත්ගෙන් චෝදනා
සජිත්ගෙන් චෝදනා මෙරටට පැමිණි 9 වන ගල් අඟුරු නැවත් බාල ගල් අඟුරු සහිත නැවක් බව දත්ත කේන්ද්‍රීයව වාර්තා වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කර තිබේ.
විපක්ෂනායකවරයා ප්‍රකාශ කළේ මෙතෙක් දකුණු අප්‍රිකාවෙන් ගෙන ආ ගල් අඟුරු නැව් 8ම බාල ගල් අඟුරු බවට සාක්ෂි සහිතව ඔප්පු වී ඇති මොහොතක 9 වැනි ගල් අඟුරු නැවත් බාල ගල් අඟුරු සහිත නැවක් බවයි.
මෙම රජය නැව් 25ත් 27ත් අතර ප්‍රමාණයක් දකුණු අප්‍රිකාවෙන් ආනයනය කර ඇති නමුත් මේ ගල් අඟුරු තත්ත්වයෙන් බාල බවට සාක්ෂි සාධක සහිතව ඔප්පු වී තිබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරයි.
මේ සම්බන්ධව තත්කාලීන වාර්තා අනුව ගල් අඟුරු තුළින් බරපතළ දූෂණයක් කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තව දුරටත් සදහන් කර තිබේ.