නීති විරෝධී ලෙස මෙරටට ගෙනා කහ කිලෝ 994ක් කොටු

Report

නීති විරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද කහ තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ෂණ කාර්යාංශයේ නිලධාරීන් පාලවිය ප්‍රදේශයේ දී වැටලීමක් සිදු කරන ලදි.

එහිදි තීරු බදු නොගෙවා නීති විරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද කහ කිලෝග්‍රෑම් 994යි ග්‍රෑම් 150ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නා ලදි.

තවද පුත්තලම පොලිසිය මේ පිළිබඳ විමර්ෂණ සිදුකරනු ලබයි .