කොළඹ දිස්ත්‍රික්කයම අනතුරේ - PIH 8ක් ලෙඩවෙයි මුළු පළාතේම වසංගත තත්ත්වයක්

Report

කොළඹ දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 8 දෙනෙකුට ඩෙංගු මර්දන වැඩසටහන් අතරතුර ඩෙංගු රෝගය වැලදී ඇති බව කොළඹ දිස්ත්‍රික් ශාඛාවේ සභාපති අමිත් කුමාර මහතා පවසා ඇත.

අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සෙසු පිරිසට ද ඩෙංගු වැලදී ඇති අතර, කොළඹ දිස්ත්‍රික්කය පුරාවට මේ වනවිට ඩෙංගු වසංගත තත්ත්වය වර්ධනය වෙමින් පවතින බවය.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් විශ්‍රාම ගිය අයට සහ යාමට සැලසුම් කරන සේවකයින්ට

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් විශ්‍රාම ගිය අයට සහ යාමට සැලසුම් කරන සේවකයින්ට

ජූනි මාසය පුරා සිදුකළ ඩෙංගු වැටලීම්වලදී වගකීම් පැහැරහැරිය පුද්ගලයින් 1,186 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ අතර, ඒ මඟින් රුපියල් එක්කෝටි දෙලක්ෂ විසිපන් දහසක දඩ ආදායම් උපයා ගැනීමට හැකි වු බවද අමිත් කුමාර මහතා සඳහන් කළේය.

ජුනි මාසයේ විතරක් නිවාස 494කට, රජයේ සහ පෞද්ගලික ආයතන 134කට, පාසල් 4කට සහ ආගමික ස්ථාන 2කටත් නීතිමය පියවර ගෙන ඇති අතර, ඉදිරියේ දී ද කිසිදු තරාතිරමකින් තොරව නීතිය ක්‍රියාත්මක කරන බවද අමිත් කුමාර මහතා පැවසීය.  

රැදවියන්ට මගේ පුතා කරුණාවෙන් සැලකුවා - මත්පැන් දුම්පානය වගේ කිසිම නරක පුරුද්දක් පුතාට නෑ - අත දරුවට තාම මාස හතයි - මියගිය පොලිස් නිලධාරී පවුලේ කන්නලව්ව

රැදවියන්ට මගේ පුතා කරුණාවෙන් සැලකුවා - මත්පැන් දුම්පානය වගේ කිසිම නරක පුරුද්දක් පුතාට නෑ - අත දරුවට තාම මාස හතයි - මියගිය පොලිස් නිලධාරී පවුලේ කන්නලව්ව