රාජාංගනය වාන් දොරටු 8ක් විවෘතයි - කලාඔයට තත්පරයට ඝන අඩි 7,800ක ජල කඳක්
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් රාජාංගනය ජලාශයේ වාන් දොරටු 30න් 8ක් විවෘත කර ඇති බව වාර්තා වේ. ඒ අනුව, එම වාන් දොරටු හරහා තත්පරයට ඝන අඩි 7,884ක ජල ප්රමාණයක් කලාඔයට මුදාහැරෙමින් පවතී.
මේ අතර, ඉහළ කොත්මලේ ජලාශයේ ජල පෝෂක ප්රදේශවලට තවදුරටත් වර්ෂාව ඇදහැලීම හේතුවෙන් එහි එක් වාන් දොරටුවක් තවදුරටත් විවෘතව පවතින බව ජලාශය භාර ඉංජිනේරුවෝ පවසති.
එම ප්රදේශවලට ඊයේ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් අද අලුයම වනතෙක් ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘතව පැවති අතර, ඉන් එක් වාන් දොරටුවක් අද (22) අලුයම ස්වයංක්රීයව වැසී ගොස් තිබේ.
කෙසේ වෙතත්, ජල පෝෂක ප්රදේශවලට තවදුරටත් තද වැසි ඇදහැලුණහොත් ජලාශයේ අනෙකුත් වාන් දොරටු ද ස්වයංක්රීයව විවෘත විය හැකි බව ඉංජිනේරුවෝ සඳහන් කරති.
එබැවින් ඉහළ කොත්මලේ ජලාශ වේල්ලට පහළින් කොත්මලේ ඔයේ දෙපස පදිංචිකරුවන් අවධානයෙන් පසුවන ලෙස ද ජලාශය භාර ඉංජිනේරුවෝ වැඩිදුරටත් ඉල්ලා සිටිති.