පොලීසිය, එස්ටීඑෆ් සහ ත්‍රිවිධ හමුදාව එක්වෙයි - දළදා පෙරහරට 8,000කට ආසන්න ආරක්ෂක බලඇණියක්
මහනුවර ඓතිහාසික දළදා පෙරහරේ ආරක්ෂක රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 6,200ක් යෙදවීමට සැලසුම් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
ඊට අමතරව, පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයන් 564ක්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් 1,200ක් සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් 29ක් ආරක්ෂක රාජකාරී සඳහා යොදවා ගැනීමට නියමිතය.
දළදා පෙරහර නැරඹීම සඳහා විශාල ජනතාවක් මහනුවර නගරයට පැමිණෙන බැවින්, ඔවුන්ගේ ආරක්ෂාව සහ පෙරහර කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සඳහා මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
මේ අතර, දළදා පෙරහර වෙනුවෙන් මහනුවර නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමටද පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇති බව වැඩිදුරටත් සඳහන් කරයි.
