අවතැන්වු මේ පවුල්වලට තවත් දීමනාවක් -එක් පවුලකට රුපියල් 81000ක්

Report

‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානි වු පවුල් සඳහා ශ්‍රී ලංකා රතුකුරුස සමාජය විසින් විශාල සහනාධාර වැඩසටහමක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇත.

ඒඅනුව අවතැන් වූ පවුල් ඒකක විසිදහසක් සඳහා රුපියල් අසූ එක් දහසක් බැගින්, රුපියල් මිලියන 1,620ක් ලබා දීමට සැලසුම් කර ඇත.

මෙම මුදල් වාර තුනකදී බෙදා දීමෙන් එක් පවුලකට වාරයක්හිදී රුපියල් අසූ එක් දහසක් පමණක් ලබා දෙනු ඇත. ජීවනෝපාය අහිමි වූ පවුල් අටදහසක් සඳහා රුපියල් ලක්ෂය බැගින් රුපියල් මිලියන 800ක් ලබා දීමට කටයුතු යොදා ඇත.

වාහන ආනයනය පිළිබඳව විශේෂ නිවේදනයක්

වාහන ආනයනය පිළිබඳව විශේෂ නිවේදනයක්

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ඇතුළු දිවයින පුරා පිහිටි පවුල් 20,000ක් මෙම වැඩසටහමේ ප්‍රතිලාභීන් ලෙස තෝරාගෙන ඇති අතර, ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ නිර්ණායකයන් විසින් ප්‍රතිලාභීන් තෝරාගෙන තිබේ.

ඉන් අමතරව සුරක්ෂිත මධ්‍යස්ථාන 400ක් සඳහා වැසිකිළි පද්ධති ස්ථාපනය කිරීම, පාසල් උපකරණ කට්ටල 15,000ක් වටිනාකම රුපියල් 7,500,000ක් වන ලෙස ලබා දීමද මෙම වැඩසටහමේ අංග ලෙස සූදානම් කර තිබේ.

පියුමිගෙන් ආන්දෝලාත්මක කතාවක් එළියට - සියලු දේපළත් ලියලා දෙන්න සූදානම්

පියුමිගෙන් ආන්දෝලාත්මක කතාවක් එළියට - සියලු දේපළත් ලියලා දෙන්න සූදානම්