මාලිමා ආණ්ඩුවේ වෙඩි තැබීම් 79ක්

Report

2024 සැප්තැම්බර් 21 සිට 2025 මැයි 8 දක්වා වෙඩි තැබීම් 79ක් සිදුවී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

ඔහු මේ බව පැවසුවේ, මන්ත්‍රී දයාසිරි ජයසේකර 2025 මැයි 9 දින පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඒ අනුව, ගතවූ මාසවලදී සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් වෙඩි තැබීම් 62ක් සිදුකර ඇති අතර, එමගින් 47 දෙනෙක් මියගොස්, 25 දෙනෙකු තුවාල ලබා ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

"උඹ අනුන්ගේ සීනි කිරන්න එපා" රැඳවුම් භාරයේ සිටින ‘හරක් කටා’ගෙන් එස්.අයි.ට තර්ජන

"උඹ අනුන්ගේ සීනි කිරන්න එපා" රැඳවුම් භාරයේ සිටින ‘හරක් කටා’ගෙන් එස්.අයි.ට තර්ජන

අනෙකුත් අපරාධ ගණයේ වෙඩි තැබීම් 17කින් 05 දෙනෙක් මියගොස්, 10 දෙනෙකු තුවාල ලබා ඇතැයි ඔහු පැවසීය.

වෙඩි තැබීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 260ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් 229ක් සංවිධානාත්මක අපරාධ සම්බන්ධ බව අමාත්‍යවරයා පැවසීය.

මෙම වෙඩි තැබීම් පාතාල කණ්ඩායම් දෙකක් අතර ගැටුම්වල ප්‍රතිඵලයක් වන අතර, පාතාල මර්දනයට රජය අවශ්‍ය පියවර ගෙන ඇතැයි ඔහු සඳහන් කළේය.

UPDATE - පුද්ගලයින් රැසකට මරු කැඳවු බිහිසුණු බස් රථ අනතුරේ නවතම අප්ඩේට්..

UPDATE - පුද්ගලයින් රැසකට මරු කැඳවු බිහිසුණු බස් රථ අනතුරේ නවතම අප්ඩේට්..