තුර්කියෙන් ගත් අරාබි ගමන් බලපත්‍ර වලින් ඉතාලි පනින්න ගිය සිරියනුවන්ට උන දේ..

Report

කූඨ ලෙස සකස් කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගමන් බලපත්‍ර භාවිතා කර ඉතාලියේ රෝම නුවරට පැන යාමට තැත් කළ සිරියානු ජාතික පවුල් දෙකකට අයත් සාමාජිකයන් 07 දෙනෙකු අද (12) කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

ඡන්ද වැඩ අස්සේ හොර රහසේම ලොකුවටම වෙන තවත් වැඩක්..

ඡන්ද වැඩ අස්සේ හොර රහසේම ලොකුවටම වෙන තවත් වැඩක්..

මොවුන් සිරියාවේ වාසය කළ වැඩිහිටියන් තිදෙනකු සහ කුඩා දරුවන් සිව් දෙනෙකුගෙන් සමන්විත පවුල් දෙකකි. ඔවුන් තම ගුවන් සේවා නිශ්කාශන කටයුතු නිමා කර ගුවන් තොටුපොළ විගමන කවුළු වෙත පැමිණ තිබූ අතර එහිදී සේවය කළ ආගමන විගමන නිලධාරීන්ට ඇති වූ සැකය මත , මොවුන් , ඉදිරිපත් කළ ලියකියවිලි ද සමග දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි.

මොන හිතකින් අම්මෙක් මෙහෙම දෙයක් කලාද..

මොන හිතකින් අම්මෙක් මෙහෙම දෙයක් කලාද..

  එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂා කිරීම් වලදී මෙම ගමන් බලපත්‍ර කූඨ ලෙස සකස් කළ ඒවා බව තහවුරු වී තිබේ.

ඉන්පසුව මෙම සිරියානු ජාතිකයන්ගෙන් සිදු ප්‍රශ්න කිරීම් වලදී තමන් මෙම ගමන් බලපත්‍ර එකක් ඇමෙරිකානු ඩොලර් 2,000 බැගින් තැරැව්කරුවෙකු වෙත ගෙවා තුර්කියේ දී සකස් කර ගත් බව අනාවරණය කර තිබේ.