පාසල් දෙකක සිසුන් අතර ගුටිකෙළියක් - සිසුවෙක්ගේ හිසට ප්‍රහාර - 7ක් රෝහලේ

Report

පාසල් දෙකක් සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් සිසුන් 7 දෙනෙකු කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. පොලිසිය වාර්තා කරන ආකාරයට ඊයේ (05) දින බේරුවල අධ්‍යාපන කලාපයට අයත් වලතර මහා විද්‍යාලය හා අලුත්ගම පාදාගොඩ මහා විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ කතාබහක් දුරදිග යාමෙන් මෙම ගැටුම මතුව ඇත.

අදාළ විද්‍යාලයේ ගුරුවරියක් විසින් පොලීසියට කළ පැමිණිල්ලට අනුව අලුත්ගම පාදාගොඩ විද්‍යාලයේ පැවැති සම්මන්ත්‍රණයකට සහභාගී වූ අනෙක් පාසලේ සිසුන්ට මෙම පහරදීම සිදුව ඇත.

සිසුන්ට ඕස්ට්‍රේලියා යන්න අවස්ථාවක් - ගුවන් ගමන් , ජීවන ගාස්තු ඇතුළු ශිෂ්‍යත්ව රැසක්

සිසුන්ට ඕස්ට්‍රේලියා යන්න අවස්ථාවක් - ගුවන් ගමන් , ජීවන ගාස්තු ඇතුළු ශිෂ්‍යත්ව රැසක්

පොලිසිය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ අදාළ පහරදීමට ප්‍රදේශයේ වෙනත් පුද්ගලයින්ද සම්බන්ධ වී ඇති බවත් එක් සිසුවෙකුගේ හිසට සිදුවූ පහරදීමක් හේතුවෙන් එම සිසුවා ශල්‍යකර්මයකටද භාජනය කිරීමට නියමිතව ඇති බවත්ය. අදාළ සිද්ධිය සම්බන්ධව අලුත්ගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව තොරතුරු වාර්තා වේ.

මත්පැන් මිල පහළට? වෙන්න යන වෙනස මෙන්න

මත්පැන් මිල පහළට? වෙන්න යන වෙනස මෙන්න

පාසල් සිසුන්ට ජනාධිපති අරමුදලෙන් මුදල් - ආපදාවට ලක් වූ දරුවන්ට රු.බිලියන 1.9 ක්

පාසල් සිසුන්ට ජනාධිපති අරමුදලෙන් මුදල් - ආපදාවට ලක් වූ දරුවන්ට රු.බිලියන 1.9 ක්