මෙහෙම උදව් නම් ඕනෙම නෑ.. අනතුරට පත් ට්‍රක් රථයට උදව්වට ඇවිත් කරලා තියන දෙයක තරම..

By Piyumika Oct 30, 2024 03:44 AM GMT
Report

මාළු පැටවූ ලොරියක් දක්ෂිණ අධිවේගි මාර්ගයේදී සිමෙන්ති පැටවූ ලොරියක ගැටීමෙන් වූ අනතුරකින් පසු මාළු ලොරියේ තිබූ රුපියල් හත්ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු ඉස්සන් තොගයක් අතුරුදන්වීම සම්බන්ධයෙන් එම ලොරියේ රියැදුරු කහතුඩුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

පොල් මිල අහස උසට යන කොට කරලා තියන අපරාධයක්..

පොල් මිල අහස උසට යන කොට කරලා තියන අපරාධයක්..

තංගල්ල කුඩාවැල්ලේ පදිංචි මාළු ව්‍යාපාරිකයකු වන කේ. එච්.ආර්. කුමාර විසින් පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි. මීගමුවේ සිට මාළු පටවාගෙන තංගල්ල බලා ධාවනය කරමින් සිටි ලොරියක් ඉකුත් 25 වැනිදා දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබිණි.

මාළු ලොරියට ඉදිරියෙන් ගමන්ගත් සිමෙන්ති පැටවූ ලොරියක ගැටීමෙන් අනතුර සිදුව තිබූ අතර අනතුරින් මාළු ලොරියට දැඩි හානි සිදුව තිබිණි. මාළු ලොරියේ රියැදුරු තුවාල ලබා රෝහල්ගත කර තිබූ අතර ලොරියේ පටවා තිබූ ඉස්සන් තොගය ලොරියේ තට්ටුව තුළ සහ මාර්ගයේ විසිරී තිබී ඇත.

අනේ අම්මපා මෙහෙමත් ගෑණු ..

අනේ අම්මපා මෙහෙමත් ගෑණු ..

ලොරියේ රියැදුරුගේ සහෝදරයා ලොරියේ හිමිකරු වන අතර ඔහු අනතුර සිදුව තිබූ ස්ථානයට පැමිණෙන විට ලොරියේ තිබී ඇත්තේ ඉස්සන් කිලෝග්‍රෑම් දෙකක් පමණක් බව ඔවුහු කියති. ලොරියේ කැබින් එක තුළ තිබූ රුපියල් විසිදහසක්ද අතුරුදන්ව ඇතැයි රියැදුරු රජිත කුමාර පවසයි.

ඉස්සන් තොගය අතුරුදන්ව තිබීම සම්බන්ධයෙන් පොලිසියේ පැමිණිල්ලක් සටහන් කර ඇත. රුපියල් හයලක්ෂ අනූදහස් තුන්සීයක් වටිනා ඉස්සන් කිලෝග්‍රෑම් තුන්සිය අනූවක් සහිත පෙට්ටි විස්සක් අනතුර සිදුවන විට ලොරියේ තිබී ඇත.

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද ආරම්භ වේ..

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද ආරම්භ වේ..

එහි විකුණුම් මිල රුපියල් හත්ලක්ෂ දසදහස් තුන්සීයක් බවට ගණන් බලා තිබිණි. ලොරියේ රියැදුරු වූ රජිත කුමාර පවසන්නේ අධිවේගී මාර්ගයේදී වෙනත් වාහනවලට මග නැවැත්විය නොහැකි බැවින් දක්ෂිණ අධිවේගී මාර්ග සේවකයන් මේවා රැගෙන ගොස් ඇති බවට සැක කරන බවයි.