අරගලයෙන් පසු සිදු වූ දෙයක් පිළිබද විශේෂ අනාවරණයක්..

Report

අරගලයෙන් පසු විවිධ තරාතිරම්වල දේශපාලඥයන් හය දහසකට ආසන්න පිරිසක් විවිධ හේතු මත දේශපාලනයෙන් සමුගෙන ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා.

පළපුරුදු ක්‍රීඩකයෙකු තරගය අතරතුර කළ අනවශ්‍ය ක්‍රියාවක් සමාජ මාධ්‍ය කළබවයි..(VIDEO)

පළපුරුදු ක්‍රීඩකයෙකු තරගය අතරතුර කළ අනවශ්‍ය ක්‍රියාවක් සමාජ මාධ්‍ය කළබවයි..(VIDEO)

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසන්නේ, අරගලයෙන් පසු බොහෝ දේශපාලඥයන්ට තමන්ගේ ජයග්‍රහණ ගැන අවිශ්වාසයක් මතුවීම හේතුවෙන් දේශපාලනයෙන් මෙසේ සමුගෙන ඇති බවයි.

විවිධ තරාතිරම්වල දේශපාලඥයන් සහ දේශපාලනයට සම්බන්ධ දෙදහසකට අසන්න පිරිසක් විදේශගතවී ඇති බවටද නිරීක්ෂණ සංවිධාන වලට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

අර්ජුන ඇලෝසියස් බන්ධනාගාරය මගින් අද අධිකරණයට..

අර්ජුන ඇලෝසියස් බන්ධනාගාරය මගින් අද අධිකරණයට..

තවද දේශපාලන පක්ෂ තිහක් පමණ විවිධ හේතු මත පසුගිය කාලයේදී අක්‍රිය වී ඇති බව හෙට්ටිආරච්චි මහතා පැවසීය.වෙනත් පක්ෂ පිහිටුවාගැනීම, වෙනත් පක්ෂ සමඟ එකතුවීම යනාදී කාරණා හේතුවෙන් සමහර පක්ෂ මෙසේ අක්‍රිය වී ගොස් ඇති බව ඔහු සදහන් කළා.

මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කරන්නේ, පළාත් පාලන මැතිවරණයට පසුගියදා නාමයෝජනා කැඳවුණු ලැබූ අවස්ථාවේදී ඊට අපේක්ෂකයෝ 80,000කට වැඩි පිරිසක් ඉදිරිපත් වී තිබුණා.

You may like this video