ලෝක ආහාර වැඩසටහනෙන් බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 55000ක්...

Mahinda Amaraweera World Food Day Sri Lanka Ministry of Agriculture
By Parami Dissanayake Jul 01, 2024 01:13 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

ලෝක ආහාර වැඩසටහන විසින් බණ්ඩි පොහොර හෙවත් MOP පොහොර මෙට්‍රික් ටොන් 55000ක් ගොවීන්ට නොමිලයේ ලබා දීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මෙම පොහොර තොගය ඉදිරි වගා කන්න දෙකේ වී වගාව සඳහා ලබා දීමට නියමිත බවත් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම වැඩ සටහනෙන් කළ ඉල්ලිමක් පරිදි මෙම බණ්ඩි පොහොර තොගය ලැබී අමාත්‍යංශය පවසයි.

වී වගාව සඳහා ඉතාමත් අත්‍යාවශ්‍ය පොහොර විශේෂයක් වන බණ්ඩි පොහොර නොයෙදීම මගින් ගොයම් කහවීම මෙන්ම ගොයම් කරල නිසි ලෙස වර්ධනය නොවන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ලෝක ආහාර වැඩ සටහනේ අනුග්‍රහය යටතේ බෙදාහරිනු ලබන බණ්ඩි පොහොර සඳහා වැට් හා මෙහෙයුම් ගාස්තු සඳහා රුපියල් බිලියන 3.5ක් වැය වෙනු ඇතැයි ගණන් බලා තිබේ.

මින් බිලියන 1.1ක් පරිහරණ වියදම් වශයෙනුත්, බිලියන 2.4ක් වැට් බදු වශයෙනුත් වැය කිරීමට සිදු වන බව අමාත්‍යාංශය පවසයි.