ගත වූ පැය 24ක කාලයේ පමණක් මැතිවරණ පැමිණිලි 51..
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසා ඇත .

නීති විරෝධීව ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ව්‍යාපාරිකයන් තිදෙනෙකු අත්තඩංගුවට ..
එම කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ ගතවූ පැය 24ක කාලය තුළ පමණක් මැතිවරණ පැමිණිලි 51ක් වාර්තා වූ බවයි.
තවද ජූලි 31 වැනිදා සිට ඊයේ (10) දක්වා ගතවූ කාලය තුළ මැතිවරණ පැමිණිලි 320ක් වාර්තා වූ බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය .
එහිදී ප්රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් එක් පැමිණිල්ලක්, නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 317 ක් සහ වෙනත් පැමිණිලි ලෙස පැමිණිලි දෙකක් ලැබී ඇති බව එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා.