ලෝක ජනාවාස දිනය අදයි ඒ වෙනුවෙනුවෙන් නිවාස 5,000ක් ජනතා අයිතියට

Report

ලෝක ජනාවාස දිනය අදට (05) යෙදී ඇති අතර, ඊට සමගාමීව රජයේ ආධාර මත ඉදිකරන ලද නිවාස 5,000ක් ජනතා අයිතියට පත් කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

"සියලු දෙනාට සුරක්ෂිත නිවසක්" යන තේමාව යටතේ මෙවර ජනාවාස දිනය සැමරෙන අතර, ඊට සමගාමීව දිවයින පුරා විශේෂ ජනාවාස සතියක් ද ක්‍රියාත්මක කෙරේ.

මේ අය ගැන දන්නවනම් වහාම දැනුම්දෙන්න - සියලු තොරතුරු මෙන්න

මේ අය ගැන දන්නවනම් වහාම දැනුම්දෙන්න - සියලු තොරතුරු මෙන්න

නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ මහතා සඳහන් කළේ, එළඹෙන දෙසැම්බර් 31 වන විට නිවාස 30,000ක් ජනතා අයිතියට පත් කිරීම රජයේ ප්‍රධාන ඉලක්කය බවයි.

අඩු ආදායම්ලාභීන්ට ප්‍රමුඛතාව දෙමින් ප්‍රජා දායකත්වය සහිතව ඉදිකෙරෙන මෙම එක් නිවසක් වර්ග අඩි 550ක සැලසුමකින් යුත් අංගසම්පූර්ණ නිවසක් වේ.

පොලිසියෙන් රියදුරන්ට ඉල්ලීමක් - රථවාහන ගමනා ගමනයට බාධා

පොලිසියෙන් රියදුරන්ට ඉල්ලීමක් - රථවාහන ගමනා ගමනයට බාධා

මෙම වැඩසටහන යටතේ යුද්ධයෙන් පීඩාවට පත් උතුරු නැගෙනහිර පවුල් සඳහා රුපියල් ලක්ෂ 20 බැගින් ද, යතිවර මාපිය වැඩසටහන යටතේ ලක්ෂ 15 බැගින් ද, ආයතනගත දරුවන් වෙනුවෙන් ඉදිකෙරෙන සුරක්ෂිත නිවසක් සඳහා රුපියල් ලක්ෂ 20 බැගින් ද ප්‍රතිපාදන වෙන්කර ඇත.