පරිසර අමාත්‍යංශයෙන් නිවේදනයක් - වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට
වනස්පති ජාතික වැඩසටහනේ දිගුවක් වශයෙන් මේ වසරේ පළමු කාර්තුවේ වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.
මෙය වනාන්තර දිනයට සමගාමීව සිදුකර ඇත.
ඒ අනුව ජගත් වනාන්තර දිනය වෙනුවෙන් පරිසර අමාත්‍යංශයේ ඊයේ පැවති වැඩසටහනකදී මෙය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඉකුත් වසරේ මෙරට දෙවන විශාලතම වනාන්තරය වන නිල්ගල හා තවත් වනාන්තර 29ක් රක්ෂිත වනාන්තර වශයෙන් ගැසට් කිරීමට පියවර ගෙන තිබුණා.
එසේම අම්පාර, බදුල්ල, නුවරඑළිය සහ මාතර යන දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් මෙම රක්ෂිත නම් කර තිබෙනවා.
ඒ අනුව රක්ෂිත බවට පත්වූ වනාන්තර අතුරින් සියලුම වනාන්තර විද්‍යාත්මක වටිනාකමකින් යුක්තවන අතර ඇතැම් වනාන්තර වන අලින්ගේ වාසභූමි වන බව පරිසර අමාත්‍යංශය නිවේදනය කර ඇත.