නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ - පොලිසියේ 5කගේ වැඩ තහනම් වූ ගංජා සුරුට්ටුව.

Sri Lanka Police
By Gagana May 09, 2024 11:43 AM GMT
Gagana

Gagana

Report

බෙලිඅත්ත පොලිසිය විසින් ගංජා ළඟ තබා ගැනීමේ වරදට අත්අඩංගුවට ගෙන සිර මැදිරියෙහි රඳවා සිටි සැකකරුවෙකුගෙන් ගංජා සුරුට්ටු තුනක් ලබාගෙන පානය කළ බෙලිඅත්ත පොලිසියේ සැරයන්වරු තිදෙනෙකු සහ කොස්තාපල්වරු දෙදෙනෙකු ඇතුළු පස්දෙනකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවේ සිටි සැකකරු රඳවා සිටි සිර මැදිරිය තුළ තිබී ගංජා මිලිග්‍රෑම් 280 ක් සහ ලයිටරයක් සොයා ගත් අතර ඔහු ගංජා වලට දැඩිව ඇබ්බැහි වූ අයෙක් බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.

මේ සිද්ධිය සම්බන්ධව තංගල ජේෂ්ඨ පොලිස් අධිකාරි කේ.බි. කීර්තිරත්න මහතාගේ අධීක්ෂණය යටතේ අදාළ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කර ඇති අතර සිද්ධිය පිළිබඳ තවදුරටත් විමර්ශන කටයුතු සිදුකරයි.

.................................................

May you Like