ඉඩමකින් ජීව බිම් බෝම්බ 5ක් හමුවෙයි.
By Gagana
ආරක්ෂක අංශ විසින් ඉකුත් 8 වන දින යාපනයේ වේලනෙයි සරවනී ප්‍රදේශයේ ඉඩමකින් බිම් බෝම්බ පහක් සොයාගෙන තිබෙනවා.
ඉඩමේ හිමිකරු මෙම බිම් බෝම්බ දැක ඇති අතර ඔහු විසින් පළාතේ ග්‍රාම නිලධාරීවරයා හරහා පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිසිය හා ආරක්ෂක අංශ සාමාජිකයන් පැමිණ එම බිම් බෝම්බ 5 ඔවුන් බාරයට ගෙන ඇත.
මෙලෙස හමුවූ බිම් බෝම්බ පහම ජීව තත්වයේ පවතින පීඩන බෝම්බ බවට වාර්තා වන්නේ.
අනතුරුව කයිට්ස් පොලිසියේ විසින් කයිට්ස් අධිකරණයෙන් ලබාගන්නා ලද නියෝගයකට අනුව එම බිම් බෝම්බ 5 පොලිස් විශේෂ කාර්ය බළකාය හා යුද හමුදාවේ බිම් බෝම්බ නිෂ්ක්‍රීය අංශ නිලධාරීන් ලවා පුපුරවා විනාශ කිරීමට පියවර ගැනුනා.
..........................................................