ලංකාවම හැඬවූ සුනාමියෙන් තවමත් 5,644 දෙනෙකු අතුරුදන් - මරණ සහතික නිකුත් කිරීමේ හැකියාවක් නැති බව දන්වයි
ආපදා කළමනාකරණ මධ්යස්ථානය සඳහන් කරන්නේ ශ්රී ලංකාවට බලපෑ සුනාමි ව්යසනය නිසා අතුරුදන් වූ පුද්ගලයන් 5,644 දෙනෙකු පිළිබඳ තොරතුරු තවමත් නිශ්චිත නොවීම නිසා ඔවුන්ට මරණ සහතික නිකුත් කිරීමේ හැකියාවක් නොමැති බවයි.
ඒ අනුව ආපදා සූදානම සහ ඔරොත්තුදීමේ හැකියාව පිළිබඳව මාධ්යවේදීන් දැනුවත් කිරීම සඳහා ජනමාධ්ය අමාත්යාංශය මඟින් ශ්රී ලංකා පදනම් ආයතනයේදී ඊයේ (15) දින සංවිධානය කර තිබූ වැඩමුළුවකට එක්වෙමින් එම මධ්යස්ථානයේ සහකාර අධ්යක්ෂ (මාධ්ය) ජානක හඳුන්පතිරාජ මහතා මේ බව සඳහන් කර ඇත.
2004 වසරේ දෙසැම්බර් මස 26 වන දින මෙරටට බලපෑ සුනාමි තත්ත්වය නිසා පුද්ගලයින් 30,959 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවත් තවත් පුද්ගලයින් 5,644 දෙනෙකු අතුරුදන් වූ බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.