අධ්‍යාපනය වෙනුවෙන් 2024 වසරේ රුපියල් බිලියන 465ක්.

By Hashini Nov 04, 2023 05:41 AM GMT
Report

 උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් 2024 වර්ෂය සඳහා ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් බිලියන 255ක් වෙන් කිරීමට සහ උසස් අධ්‍යාපනය වෙනුවෙන් තවත් රුපියල් බිලියන 210ක් වෙන් කිරීමට අපේක්ෂා කරන බව පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ ලබන වසර අවසන් වන විට සියළුම සරසවි සඳහා උපකුලපතිවරයාට අමතරව නියෝජ්‍ය උපකුලපතිවරුන් පත් කිරීමට නියමිත බවයි.

ඊයේ (03) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ නමින් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා මේ බව සඳහන් කළා.

රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ ශ්‍රි ලංකාවේ ඉගෙනගන්නා ක්‍රමය මෙන්ම උගන්වන ක්‍රමය යන ද්විත්වයම වෙනස් විය යුතු බවයි.

රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්ම යටතේ, මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ තීරණාත්මක වෙනසක් ඇති වන බවයි.