මෙහෙමත් අම්මලා..මාස එක හමාරේ බිලිදාගේ අතපය කඩා දස වදදී ඝාතනය කරලා - මෙරටින් ඇසෙන අතිශය කම්පා සහගත අපරාධය

Sri Lanka Police Sri Lanka Police Investigation Crime Murder Latest Headlines
By Sewvandhi Aug 04, 2024 01:49 PM GMT
Sewvandhi

Sewvandhi

Report

යාපනයේ - අලවෙට්ටි ප්‍රදේශයේදී මවක් විසින් නෙසවුසාලෙයි පාර, මුගෙට්ටි ප්‍රදේශයේ පදිංචි දින 45 ක් වයසැති සිය බිළිදා ඝාතනය කර තිබෙනවා.

මෙම දරුවාට වධ දී ඝාතනය කර ඇති බවයි, මරණ පරීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ.

එම වාර්තාවේ සඳහන් වන්නේ, දරුවාගේ අත පය කැඩී ඇති බවත් දරුවාගේ හිසට සහ කනට විශාල ලෙස තුවාල සිදු වී ඇති බවත් මරණ පරීක්ෂණයෙන් හෙළි වී ඇති අතර හිසට සිදුවූ තුවාල හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවය.

නගර කිහිපයක්ම ගිනී ගනී - දැඩි කෝලහාල - (PHOTOS)

නගර කිහිපයක්ම ගිනී ගනී - දැඩි කෝලහාල - (PHOTOS)

මෙම බිළිදාව සිය මව විසින් රෝහලට ඇතුළත් කර ඇත්තේ දරුවාට හදිසි රෝගී තත්වයක් මතු වූ බව පවසමින්. කෙසේ වෙතත්වෛද්‍යවරුන් සඳහන් කළේ, දරුවා රෝහලට රැගෙන එන අවස්ථාව වන විටත් මිය ගොස් සිටි බවයි.

පසුව සිදු කරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ මව විසින් දරුවා ඝාතනය කර ඇති බවයි. ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් 33 හැවිරිදි දරුවාගේ මව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.