ජාතික කලා භවනේ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන් - වෙලා තියන දේ ගැන ඇමති සුනිල්ගෙන් අනාවරණයක්
ජාතික කලාභවනේ තිබූ පෞරාණික සිතුවම් 42 අස්ථානගත වී ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සදහන් කර තිබේ.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (21) පාර්ලිමේන්තුවේ දී වාචික ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදෙමිනි .
භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලයක් විසින් 2015 වසරේ දී ජාතික කලා භවනේ චිත්‍ර හා මූර්ති සමීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම අතුරුදන් වීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇත.
අමාත්‍යවරයා සඳහන් කළේ තොග පොතෙහි සඳහන්ව තිබූ මුළු සිතුවම් සංඛ්‍යාව 281ක් වුවත් කලා භවනේ මේ වනවිට ඇත්තේ, සිතුවම් 239ක් පමණක් බවයි .