චීනයෙන් ඉරානයට MANPADS පද්ධති 400ක්?
ඉදිරි සති කිහිපය තුළ චීනය විසින් නිෂ්පාදිත උරහිස මත රැගෙන යා හැකි ගුවන් ආරක්ෂක මිසයිල දියත් කිරීමේ පද්ධති (MANPADS) 400ක් දක්වා ඇතුළත් පළමු තොගය ඉරානයට ලබාදීමට නියමිත බව Reuters පුවත් සේවය වාර්තා කර තිබේ.
MANPADS යනු පහත් උසින් පියාසර කරන හෙලිකොප්ටර්, ඩ්‍රෝන යානා සහ ප්‍රහාරක ගුවන් යානා ඉලක්ක කර ක්ෂණිකව භාවිත කළ හැකි කෙටි දුර ගුවන් ආරක්ෂක ආයුධ පද්ධතියකි.
ආරක්ෂක විශ්ලේෂකයන්ගේ අදහස වන්නේ මෙම පද්ධති ඉරානයේ කෙටි දුර ගුවන් ආරක්ෂක හැකියාව සැලකිය යුතු ලෙස ශක්තිමත් කළ හැකි බවයි. විශේෂයෙන් පහත් උසින් එල්ල වන ගුවන් සහ ඩ්‍රෝන ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමේදී ඒවා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි ඔවුහු පෙන්වා දෙති.
කෙසේ වෙතත්, මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් චීන හෝ ඉරාන බලධාරීන් මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර, රෝයිටර්ස් වාර්තාව සම්බන්ධයෙන්ද දෙපාර්ශ්වයෙන්ම නිල තහවුරු කිරීමක් සිදුකර නොමැත.