හෙද හෙදියන් 4000ක් දැඩි අපහසුතාවක....

Report

ස්ථාන මාරු මණ්ඩලය මෙතෙක් නොපැවැත්වීම හේතුවෙන් ස්ථාන මාරු ඉල්ලුම් කරන ලද හෙද හෙදියන් 4,000 කට අධික පිරිසක් දැඩි අපහසුතාවට පත්ව සිටින බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පැවැසීය.

අම්මප යසයි වැඩේ..තනියම ගෙදර ඉදන් කරලා තියන දේ බලන්නකෝ..

අම්මප යසයි වැඩේ..තනියම ගෙදර ඉදන් කරලා තියන දේ බලන්නකෝ..

රජයේ සාමාන්‍ය ක්‍රමවේදය අනුව අගෝස්තු මාසයේදී ස්ථාන මාරු කැඳවීම් කළ යුතු බවත්, ඊට අදාළ අභියාචනා ඔක්තෝබර් මාසයේදී කැඳවා නොවැම්බර් මස 31 වැනිදා වනවිට ස්ථාන මාරු නියෝග ලේඛනය නිකුත් කළයුතු බවත් සභාපතිවරයා පැවැසීය.

නමුත් මෙම ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීමට මේ දක්වා ස්ථාන මාරු මණ්ඩලය පැවැත්වීමට කටයුතු කර නැතැයි ද ඔහු කීවේය. මේ ස්ථාන මාරු ක්‍රියාත්මක නොවීම නිසා ඇතැමුන්ට සිය දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමට නොහැකිව ඇතැයි ද ඔහු සඳහන් කළේය.

2025 ලෝක රාජ්‍ය නායක සමුළුවට ජනපති දිවයිනෙන් පිටව යයි...(VIDEO)

2025 ලෝක රාජ්‍ය නායක සමුළුවට ජනපති දිවයිනෙන් පිටව යයි...(VIDEO)

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.  

You may like this video