ජනතාවට සහන පැකේජයක් - අමාත්‍යාංශ 12කින් වැඩසටහන් 38ක්

Report

සමාජ ආරක්ෂණය හා සුභසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍යාංශ 12ක් හරහා විවිධ වැඩසටහන් 38ක් ක්‍රියාත්මකයි.

අන්ත දුප්පත්, දුප්පත්, සංක්‍රාන්තික හා විශේෂ අවධානය යොමු කළ යුතු කාණ්ඩ ලෙස වර්ගීකරණ 4ක් යටතේ අස්වැසුම සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ලක්ෂ 18කට ආසන්න පිරිසකට ලැබෙනවා. ඊට අමතරව වකුගඩු රෝගීන්, ආබාධිතයන්, තැලසීමියා රෝගීන්, විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්, වැඩිහිටියන්, තරුණයන් හා ළමුන් වෙත විවිධ සුභසාධන ප්‍රතිලාභ රජයෙන් ලබා දෙනවා.

මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ, සමාජ ආරක්ෂණය සඳහා අයවැයෙන් වැඩිම මුදල් වෙන් කළ රජය වත්මන් රජය බවයි.\

අඩු ආදායම් ලාභීන්ට සුබ ආරංචියක් - රජයෙන් නාගරික නිවාස 2,500 ක්

අඩු ආදායම් ලාභීන්ට සුබ ආරංචියක් - රජයෙන් නාගරික නිවාස 2,500 ක්

කෙසේ වෙතත්, වාර්ෂිකව විශාල මුදල් මේ සඳහා වියදම් කළද, රටේ සමාජ ආරක්ෂණය ලැබිය යුතු පුද්ගලයන් පිළිබඳ එකම තැනක විධිමත් තොරතුරු පද්ධතියක් (Unified Database) නොමැති බව අනාවරණය වී තිබෙනවා. මේ නිසා සමාජ සුභසාධක මණ්ඩලය (Welfare Benefits Board - WBB) මඟින් එවැනි තොරතුරු එක්රැස් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.

මෙම වැඩසටහන 2023දී අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීම සඳහා ආරම්භ වූ බවත්, එදා දුන් තොරතුරු මේ වන විට වෙනස් විය හැකි බැවින් නැවත යාවත්කාලීන කළ යුතු බවත් සමාජ සුභසාධක මණ්ඩලයේ සභාපති හා කොමසාරිස් නිමල් කොටවලගෙදර මහතා ප්‍රකාශ කර තිබෙනවා.

එකම පුද්ගලයකුට ආයතන ගණනාවකින් ප්‍රතිලාභ ලැබීම හෝ සමහරුන්ට කිසිවක් නොලැබී යාමේ අවදානමක් ඇති බවත් ඔහු සඳහන් කළා. සැබෑ අවශ්‍යතා ඇති පුද්ගලයන් හඳුනාගැනීමට නිවැරදි තොරතුරු පද්ධතියක් අත්‍යවශ්‍ය බවත්, ඒ සඳහා තම තොරතුරු මණ්ඩලය වෙත ලබාදීම මහජනතාවගේ යුතුකම බවත් ඔහු අවධාරණය කළේය.

‘අස්වැසුම’ දිනේ බාර් ආදායම ගොඩ - බාර් හිමියන් සතුටින් - රජයම කියයි

‘අස්වැසුම’ දිනේ බාර් ආදායම ගොඩ - බාර් හිමියන් සතුටින් - රජයම කියයි

ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්තර ආයතන මෙවැනි සුභසාධන වැඩසටහන් සඳහා අරමුදල් සැපයීමට ඉදිරිපත් වී ඇති අතර, ඒ නියෝජිතයන් නිරන්තරයෙන්ම ප්‍රතිලාභීන් නිවැරදිව හඳුනාගැනීමේ වැදගත්කම අවධාරණය කරනවා.

විශේෂයෙන්ම අස්වැසුම වැඩසටහන යටතේ පළමු අදියරේ තොරතුරු යාවත්කාලීන කිරීම 2025 දෙසැම්බර් අවසානය දක්වා සිදු කෙරුණු අතර, නවතම වාර්තා අනුව 2026 වසරේදීත් මෙම තොරතුරු යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් පවත්වාගෙන යන බව පෙනේ. මෙයින් සමාජ සුභසාධන ප්‍රතිලාභ වඩාත් කාර්යක්ෂම හා සාධාරණ ලෙස බෙදාහැරීම බලාපොරොත්තු වේ.

ගෝලීය ආනයනවලට ට්‍රම්ප්ගෙන් 10% බද්ද

ගෝලීය ආනයනවලට ට්‍රම්ප්ගෙන් 10% බද්ද

අද දවසේ ඔබට සිදුවෙන්නෙ මොනවාද? රහස් ලග්න අනාවැකි මෙන්න!

අද දවසේ ඔබට සිදුවෙන්නෙ මොනවාද? රහස් ලග්න අනාවැකි මෙන්න!