රාජ්‍ය සේවයේ පුරප්පාඩු - සහාධිපත්‍ය අධිකාරියේ නිලධාරී පුරප්පාඩු පුරවයි
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ පුරප්පාඩුව පැවති තනතුරු 38 ක් සඳහා බඳවා ගැනීම නාගරික සංවර්ධන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී සිදු විය.
මෙරට නාගරික ජනතාවගේ නිවාස ගැටළුවට විසඳුම් ලෙස ඉදිකර ඇති මහල් නිවාස සංකීර්ණවල පාලනය, පරිපාලනය සහ නඩත්තු කටයුතු විධිමත්ව කිරීමට මෙම සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සිය සේවා දායකත්වය සපයනු ලබයි.
ආරම්භයේදී පොදු පහසුකම් මණ්ඩලය ලෙස ක්‍රියාත්මකව පැවති මෙම ආයතනය 2005 වසරේදී සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය ලෙස ආයතනික නාම සංශෝධනය කර ඇත.
පත්වීම් ලිපි ප්‍රදානය නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ.