පොදු සමාව යටතේ හමුදා සාමාජිකයන් 373ක් සේවයෙන් ඉවතට...

By Parami Dissanayake May 21, 2024 02:16 PM GMT
Report

නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර රටින් පිටව ගිය හමුදා සාමාජිකයන් 373 දෙනකු පොදු සමාව යටතේ හමුදා සේවයෙන් ඉවත් කිරීමට යුද හමුදා මූලස්ථානය පියවරගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව, හමුදා සේවය අතහැර පැනගිය නිලධාරීන්ට හා හමුදා සෙබළුන්ට නීත්‍යනුකූලව හමුදා සේවයෙන් ඉවත්වීමට ලබාදුන් අවසරය මත මෙම පිරිසට සේවයෙන් ඉවත්වීමට අවසර දී තිබෙනවා.

චීනයේ ගල්අඟුරු පතලක සිදුවූ අනතුරකින් 05 දෙනෙකුගේ දිවි අහිමි වේ...

චීනයේ ගල්අඟුරු පතලක සිදුවූ අනතුරකින් 05 දෙනෙකුගේ දිවි අහිමි වේ...

කෙසේ වෙතත්, හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර පැවසුවේ, අප්‍රේල් 20 වැනිදා සිට මැයි 20 වැනිදා දක්වා ගත වූ මාසයක පොදු සමා කාලසීමාව තුළ යුද හමුදා සාමාජිකයන් 15,667ක් නීත්‍යනුකූලව හමුදා සේවයෙන් ඉවත් වූ බව ය.