ගුරුවරු,පාසල් සිසුන් ඇතුළු කිලිනෝච්චිය විදුහලක 37 ක් රෝහලේ - හේතුව මෙන්න

Report

කිලිනොච්චිය පොලිසිය ප්‍රකාශ කරන පරිදි අද (05) කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් සහ ගුරුවරුන් 37 දෙනෙකු බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් රෝහල්ගත කර ඇත.

මෙම අනතුර, පාසල් කාලය අතරතුර විදුහලේ ගොඩනැගිල්ලක් තුළ තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් සිදු වූ බව වැඩිදුරටත් පොලිසිය සඳහන් කරයි.

රංජිත් කාදිනල් හිමිගෙන් රජයට විශේෂ ඉල්ලීමක්

රංජිත් කාදිනල් හිමිගෙන් රජයට විශේෂ ඉල්ලීමක්

බඹරුන් දෂ්ඨ කිරීමෙන් සිසුන් ඇතුළු පිරිස ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් කිලිනොච්චිය දිසා රෝහලට ඇතුලත් කර ඇති අතර, පොලිසිය පැවසුවේ ගුරුවරුන් දෙදෙනා සහ සිසුන්ගේ තත්වය බරපතල නොවන බව සහ මේ වනවිට බොහෝ දෙනා ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටවගොස් ඇති බවය.

කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේ විවිධ පංතිවල සිසුන් මෙම අනතුරට ලක්වී ඇති අතර, පාසල අවට තවදුරටත් තිබෙන බඹර කූඩු කිලිනොච්චිය ආපදා කළමනාකරණ ඒකකය සහ යුද හමුදාව එක්ව ඉවත් කිරීම සඳහා කටයුතු කරන බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්