පුංචි ඡන්දෙට පාතාලෙන් 34 දෙනෙක් තරඟ කරලා....
පළාත් පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ හෝ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ පුද්ගලයන් තිස් හතර දෙනකු පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අපේක්‍ෂකයන් ලෙස ඇතුලත් කර තිබූ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කරනවා.
මහජන ආරක්ෂක විජේපාල මහතා පාර්ලිමේන්තුවට පැවසුවේ පාතාල කල්ලි කිහිපයක් සහ විපක්ෂ දේශපාලනඥයන් අතර සම්බන්ධතා විමර්ශනවලින් හෙළි වී ඇති බවයි.
අමාත්‍ය විජේපාල මහතාට අනුව, විමර්ශනවලින් හෙළි වූයේ පළාත් පාලන මැතිවරණයට තරඟ කළ අපේක්ෂකයින් කිහිප දෙනෙකු සහ පාතාල කණ්ඩායම් අතර සම්බන්ධතා ඇති බවයි.
මෙයට සමගි ජන බලවේගයේ (SJB) අපේක්ෂකයින් නව දෙනෙකු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) අපේක්ෂකයින් අට දෙනෙකු, මහජන සන්ධානයේ අපේක්ෂකයින් සිව් දෙනෙකු, එක්සත් ජාතික පක්ෂයේ (UNP) තිදෙනෙකු සහ සර්වජන බලයේ එක් අයෙකු ඇතුළත් වන බවද අමාත්‍යවරයා සඳහන් කළා.