අවුරුදු 15ක දැරියක් දූෂණය කළ කාමාතුරයාට අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් දුන් උපරිම දඬුවම මෙන්න

Report

වයස අවුරුදු 15ක දැරියක් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුට වසර 32ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කිරීමට අනුරාධපුර විශේෂ මහාධිකරණය තීරණය කර තිබේ.

ඊට අමතරව, වින්දිත දැරියට රුපියල් ලක්ෂ 5ක වන්දියක් ගෙවන ලෙසත්, රුපියල් 70,000ක දඩ මුදලක් ගෙවන ලෙසත් අධිකරණය වරදකරුට නියෝග කර ඇත.

නීතිපතිවරයා විසින් ගොනු කළ අධිචෝදනා පත්‍රයට අනුව විභාගයට ගත් නඩුවේ සාක්ෂි සහ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.

අදාළ සිද්ධිය 2016 වසරේ ජූලි මාසයේදී තඹුත්තේගම ප්‍රදේශයෙන් වාර්තා වූ අතර, නඩු විභාගය අතරතුර ඉදිරිපත් වූ සාක්ෂි හා අනෙකුත් කරුණු පදනම් කරගෙන විත්තිකරු වරදකරු බවට අධිකරණය තීරණය කළේය.

පාසල් කැන්ටින්වලට මින්පසු ජන්ක් ෆුඩ් තහනම්? සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ආපු අලුත්ම මෙනුව මෙන්න

පාසල් කැන්ටින්වලට මින්පසු ජන්ක් ෆුඩ් තහනම්? සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ආපු අලුත්ම මෙනුව මෙන්න

හැමදාම මගේ සොඳුරු මතකයක් වෙලා ඉඳීවි මේ සසරේ කොතනකදි හරි නැවත හමුවෙමු භූමි වෙනුවෙන් උදාරිත් සංවේදී වෙයි

හැමදාම මගේ සොඳුරු මතකයක් වෙලා ඉඳීවි මේ සසරේ කොතනකදි හරි නැවත හමුවෙමු භූමි වෙනුවෙන් උදාරිත් සංවේදී වෙයි