බිලිගත් 32 කියුබානුවෝ... අද හෙට කියුබාව ශෝකයෙන් - මදුරෝගේ මිල ගෙව්වේ මෙහෙමද?
එක්සත් ජනපද හමුදාවන් විසින් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ අල්ලාගැනීමේ මෙහෙයුමේදී කියුබානු පුරවැසියන් 32 දෙනෙකු මියගිය බව කියුබානු රජය නිවේදනය කර තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ගැඹුරු ශෝකය පළකරමින් කියුබාවේ අද (05) සහ හෙට (06) දිනයන් ජාතික ශෝක දින ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව දැනගන්නට ලැබේ.
කියුබානු රජය මෙම එක්සත් ජනපද මෙහෙයුම දැඩිව හෙළාදකිමින්, එය ආක්‍රමණශීලී ක්‍රියාවක් සහ රාජ්‍ය ත්‍රස්තවාදයක් ලෙස හඳුන්වා තිබේ.
මේ අතර, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ මහතා වෙනිසියුලාවෙන් පසු කියුබාව ඊළඟ ඉලක්කය විය හැකි බවට ඉඟි කරමින්, කියුබානු රජයට අවධානයෙන් සිටින ලෙස අනතුරු ඇඟවීමක් කර තිබේ.
රුබියෝ මහතා සඳහන් කළේ, වෙනිසියුලාව සහ කියුබාව සම්බන්ධයෙන් දිගුකාලීනව අවධානයෙන් සිටි බවත්, මධුරෝගේ ආරක්ෂක කණ්ඩායම සහ බුද්ධි අංශය කියුබානුවන්ගෙන් සමන්විත වූ බවත් ය.
එක් රැයකින් මධුරෝ සහ ඔහුගේ බිරිඳ අල්ලාගෙන ගොස් ඇමරිකාවට ගෙන එනු ලැබීමෙන් පසු, කියුබානු රජයේ නිලධාරීන්ට තරමක් කම්පනයක් ඇතිවීම ස්වාභාවික බව ද රුබියෝ මහතා පැවසීය.
ලතින් අමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව එක්සත් ජනපදයේ මැදිහත්වීම්වල දිගු ඉතිහාසයක් තිබෙන අතර, මෙම නවතම සිදුවීම ලොව පුරා රටවල් රැසක අවධානය යොමු කර ඇත.