වෙනිසියුලාවේ ඇති වූ ද්විත්ත භූ කම්පනයෙන් පුද්ගලයින් 32කු මරුට

Report

දකුණු ඇමෙරිකානු කලාපයට අයත් වෙනිසියුලා රාජ්‍යයේ සිදුවූ බරපතළ ද්විත්ව භූමිකම්පා තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 32 දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් අතිවිශාල සංඛ්‍යාවක් දරුණු ලෙස තුවාල ලබා තිබේ.

වෙනිසියුලාවේ කැරකස් අගනුවර කේන්ද්‍ර කරගනිමින් අද 25 වැනිදා මෙම අතිප්‍රබල භූමිකම්පාව මුලින්ම හට ගෙන ඇති අතර එහි දරුණු කම්පන බලපෑම අසල්වැසි කොලොම්බියාව ඇතුළු රටවල් රැසකට ද ඉතාමත් පැහැදිලිව දැනී තිබේ.

පිට පිට ඇති වුණු ප්‍රබල භූමිකම්පා නිසා වෙනිසියුලාව කැළඹෙයි - ගුවන් තොටුපළ වසා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට - මරණ ගණන හෙළි නොකරයි

පිට පිට ඇති වුණු ප්‍රබල භූමිකම්පා නිසා වෙනිසියුලාව කැළඹෙයි - ගුවන් තොටුපළ වසා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට - මරණ ගණන හෙළි නොකරයි

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව වෙනිසියුලාවේ මොන්ටල්බන් ප්‍රදේශයේ සිට කිලෝමීටර් 13.2 ක භූගත ගැඹුරකින් යුතුව රික්ටර් මාපකයේ 7.1 ක ප්‍රබලත්වයකින් යුක්තව මෙම පළමු භූ කම්පනය හටගෙන ඇත.

මෙම දරුණු භූ කම්පනයත් සමඟ අගනුවර වන කැරකස් හි පිහිටි උස් මහල් ගොඩනැගිලි රැසක් සැනෙකින් පොළොවට සමතලා වෙමින් කඩා වැටී ඇති අතර එහි සිටි දහස් සංඛ්‍යාත ජනතාව දැඩි බියෙන් යුතුව එම අනතුරුදායක ස්ථානවලින් වහාම ආරක්ෂිත ස්ථාන කරා ඉවත්ව ගිය බව ලෝක පූජිත රොයිටර් පුවත් සේවය නිල වශයෙන් වාර්තා කරයි.

පාසල් කැන්ටින්වලට මින්පසු ජන්ක් ෆුඩ් තහනම්? සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ආපු අලුත්ම මෙනුව මෙන්න

පාසල් කැන්ටින්වලට මින්පසු ජන්ක් ෆුඩ් තහනම්? සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ආපු අලුත්ම මෙනුව මෙන්න

මේ අතර මෙම පළමු භූ කම්පනය සිදු වී සුළු මොහොතක් ගතවීමටත් මත්තෙන් වෙනිසියුලාවට රික්ටර් මාපකයේ 7.5 ක අතිදැවැන්ත ප්‍රබලත්වයෙන් යුත් තවත් දෙවන භූකම්පනයක් ද හටගෙන ඇති අතර ඒ හේතුවෙන් සමස්ත අගනුවර පුරා පිහිටි තවත් ප්‍රධාන රාජ්‍ය හා පෞද්ගලික ගොඩනැගිලි රැසක් සම්පූර්ණයෙන්ම කඩා වැටී දේපළවලට දැඩි හානි සිදු විය. මෙම භූකම්පන ‌දෙක අඛණ්ඩව ඇති වීමෙන් පසුව වෙනිසියුලා වෙරළ තීරයට සහ ඒ ආසන්නයේ පිහිටි කැරිබියන් දූපත් සමූහය සඳහා ද බලධාරීන් විසින් හදිසි සුනාමි අනතුරු ඇඟවීම් ද නිල වශයෙන් නිකුත් කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටියි.